ඉන්දියාවේ සරසවියක තෙරපුමකින් සිසුන් හතරක් මරුට

159

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර හටගත් තෙරපීමකින් ශිෂ්‍යයන් සිව්දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී මියගොස් ඇත්තේ ශිෂ්‍යයන් දෙදෙනක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකි.

එළිමහන් ශ්‍රවණාගාරයක මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබේ. ප්‍රසංගය ආරම්භ වීමට පෙර මෙම තෙරපීම හටගෙන ඇතැයි වාර්තා වේ.

සංවිධායකයන් ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂා කර නරඹන්නන් ශ්‍රවණාගාරය වෙත ඇතුළු කරමින් සිටියදී හදිසියේ හටගත් වර්ෂාව නිසා විශාල පිරිසක් එක්වර ශ්‍රවණාගාරයට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තෙරපීම හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment