අන්නාවිරාළ

791

අන්නාවි තනතුරක් ලැබෙන්නේත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් බව දැන් මට හොඳට ම වැටහේ. මන්ද ඒ සඳහා වන්දනාවෙන් පිරී ජීවිතයක් ද තිබිය යුතුයි. ඒ ජීවිතය දැන් මා තුළ හොඳටම තිබෙනවා. එය මාහට ජේසු දුන් තෑග්ගක් කියා ද මට සිතේ. මගේ තැන්පත් භාවය මේ තනතුර ලැබෙන්නට පෙර එතරම් මා තුළ පැවැතියේ නැතත්, දැන්නම් මට මා ගැනම දැනෙන්නේ ආදරයකි.

කෙසේ වෙතත් අන්නාවි ධුරය තුළ ඇති බරපතළ ස්වභාවය මා නැවත නැවත පැවැසිය යුතු නැත. එය එසේම ය. ඕනෑම පල්ලියක විවිධ සමිති සමාගම් රාශියක් තිබේ. මේවායින් සිදුවන්නේ පුදුමාකාර සේවයකි.

එහෙත් මේ සමිති සමාගම් තුළ වැඩි වශයෙන් සේවය කරනුයේ කාන්තා පාර්ශ්වය ය. ඔවුන් එම කාර්යය දේව කාර්යයක් ලෙස මනා ලෙස වටහාගෙන කටයුතු කිරීම සභාවේ උන්නතියට ද මහ රුකුලකි.

දිව්‍ය හෘදයේ සමිතිය, විසෙන්ති පාවුලා සමිතිය, මරිය හමුදාව, මීසම් සභාව මෙන් තව බොහෝ සමිති ද පල්ලිය තුළ පිහිටා ඇත.

එහෙත් මේ සඳහා පුරුෂ පාර්ශ්වයේ සහභාගිත්වය එතරම් සතුටුදායක නොවේ. නමුදු පිරිමි පාර්ශ්වයේ සේවය නොලැබෙනවාම නොවේ. නුවාන කොට්ඨාස, නුවන ඒකක තුළ ද මනා සේවයක් සිදු කරනුයේ කාන්තා පාර්ශ්වය ය.

අන්නාවි තැන වශයෙන් මා මේවා පිළිබඳව ද අවධියෙන් පසුවෙමි. මේ සියලු දේ දේව සේවයන්ය. විශේෂයෙන් පල්ලියේ මංගල්‍යය සමරනවිට දී මේ සමිතිවල සේවය මොනවට පැහැදිලි වේ.

අල්තාරය ලස්සනට සරසන්නේත් කාන්තාවන්ය. මේවා කීම ගැන පිරිමි පාර්ශ්වය මා පිළිබඳව අහිතක් හිතන්න එපා. ඇත්ත ඒක තමයි. සතියකට වරක් හෝ දෙවරක් පල්ලිය අතු ගා පිරිසිදු කරන්නේ ද කාන්තාවන්ය.

කෙසේ වෙතත් පල්ලියේ වැඩවලට කාන්තාව මුල්වීම ද අලංකාරයකි. එහෙනම් සැමට ම දේව ආශීර්වාදය ලැබේවා!

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment