ග්‍රහලොව මනමාලි සෙන්පති කුජට පරදී

1606

සූර්යය මාස කුම්භ රවි 13 භාගයක් වූ චන්ද්‍ර මස නවම්පුර තෙලෙස්වක තිථියලත් ගුරු දින 2024.02.22 දහවල් 12.46 ට සිකුරු – කුජ අතර යුද්ධය සිදු වේ. මෙහිදී සෙන්පති කුජ පරාජයට පත් කරමින් සිකුරු ජය හිමි කර ගනී. මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ පුෂ නැකැතේ 4 වැනි පාදයේදීය. පුෂ නැකත වනාහි ශ්වේත වර්ණ – පුල්ලිංග – ඌර්දවමුඛ ආපෝභූත තාරකා තුනකින් යුත් නැකතකි. 4 වැනි පාදය කුජට අයත්ය.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ මෙය සිදු වනුයේ භාග්‍ය ස්ථාන හෙවත් නම වැන්නේය. ඒ අනුව අධිකරණ ශාලා, ආගමික ස්ථාන, ආගමික නායකයන්ට, දේශීය වෙළඳ ව්‍යාපාර, නැව් යාත්‍රා ආදී ස්ථානවලට, පුද්ගලයන්ට ගැටලු ඇති කෙරේ.

මේ මොහොත වන විට ශනි හෝරාවත් 22 දෙර්කාණාධිපතිට අයත් රවි පංචම කාල හෝරාවත් බුධ සූක්ෂම කාල හෝරාවත් යෙදී තිබුණි. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් වෘෂභ ලග්නයත් කටක නවාංශකයත් උදාව පවතී. එහිදී සඳු තෙවැන්නේ ද, කේතු පස්වැන්නේද කුජ, සිකුරු නම වැන්නේද 22 දෙවන දෙර්කාණාධිපතිට අයත් රවි සහ පහ අධිපති මෙන්ම ශනි 10 වැන්නේද, රාහු 11 ද, ගුරු 12 වැන්නේද විය. මෙසේ පඨවි තිර රාශියක් වන වෘෂභ රාශියේ ඇති වන ක්‍රියාවලිය නිසා රට තුළ විවිධ බාධක ඇති කරනු ලබයි.

සෙන්පති කුජගේ පරාජය හේතු කොට ගෙන ප්‍රබල විපත්, මාරක අනතුරු වැඩි වන කාලයකි. කුජ බලවත්ව යන මෙම කාලය මාර්තු 15 දක්වා රථවාහන අනතුරුවල ප්‍රබල වැඩි වීමක් ද පෙන්නුම් කරයි. එබැවින් මෙම කාලය තුළ ඔබ ඉතා ඉවසීමෙන් ප්‍රවේශමෙන් ගමන් කළ යුතුව ඇත. එමෙන්ම ප්‍රබල සන්නද්ධ ක්‍රියාකාරී නීතියේ රැහැනට ලක් වන කාලයකි. පොළොව සෙලවීම්, භූ කම්පන ගැනද අසන්නට ලැබෙන කාලයකි. පාලක පක්ෂය සහ ජනතාව අතර ඝට්ටන ඇති කරයි. කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රය තුළ 12 වැනි භාවය මෙම ග්‍රහණය සිදු වීම මත රෝහල්, බන්ධනාගාර ආශ්‍රිත ගැටලු කරදර පෙන්නුම් කරයි. තවද ජනතාව අතර වෛර රෝග ව්‍යාප්ත වන බව පෙනේ.

සිකුරුගේ ජය ගැනීම හේතු කොට ගෙන කලාකරුවන්ට, නිර්මාණවේදීන්ට යහපත් බවක් පෙන්වයි. මෙරට කලා නිර්මාණයක් ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වේ. ප්‍රසිද්ධ කාන්තාවකට අගුණ අසුභ බවක් ද පෙන්නුම් කරයි. තවද මෙම කාල වපසරිය තුළ කාමාපරාධවල වැඩිවීමක් ද පෙන්නුම් කරයි. බොහෝ තරුණ තරුණියන්ට මල්සරාගේ ආදර බැල්ම වැටෙනු ලබයි. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටි විවාහක කාන්තාවන්ට වාසනාවන්ත දරු සම්පත් සිදු විය හැක.

මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන කාලයකි. මහජන ආයතනයක් හදිසි ගිනි ගැනීමක් ද පෙන්නුම් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර කුමන්ත්‍රණ දියත් වේ. ලංකා භූමි තලයේ වටිනා පුරාවස්තු මතු වන කාලයක් ද වේ. මහජන මුදල් හානි සිදු වන කාලයකි. බුද්ධිකාරක බුධ ශනිගෙන් පීඩා වීම මත කුඩා දරුවන්ට පීඩා ඇති විය හැකි අතර එම දරුවන් ආශ්‍රිත යම් යම් රෝග ව්‍යාප්ත වන බවද පෙනේ.

රජය මහජනතාව කෙරෙහි පැහැදීමෙන් දාන, ශීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව අන්‍යොන්‍ය විශ්වාසයෙන් බෝධිපූජා කිරීමෙන් ඉහත කී කරුණුවලින් මිදී යහපත උදාකර ගැනීමට හැකි වනු බව අපගේ විශ්වාසයයි.

ග්‍රහලොව මනමාලි සෙන්පති කුජට පරදී

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර
0777962658.

advertistmentadvertistment
advertistmentadvertistment