අධ්‍යාපනය ගැන මධ්‍යම පළාතෙන් උසස් තීන්දුවක්

333


ගුරුවරුන් තම පාසලේ උගන්වන පන්තියේ දරුවන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වීම වලක්වාලමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු.බී හේරත් මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාල ලේඛනයේ සදහන් පරිදි මුදල් අය කිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරු භවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර, මුදල් අය කරනු ලබන ගුරුවරුන්ට පමණක් මෙය අදාල බව සඳහන් වේ.

මෙම යෝජනාව මගින් සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුල ස්ථාපිත කිරීම ‍අරමුණ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment