මහාචාර්ය සමන්තගේ ‘ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය’ ලබන ඉරිදා එළිදකී

36

‘ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය’ මැයෙන් මහාචාර්ය සමන්ත සමරකෝන් මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම ලබන ඉරිදා (31) උදේ 9.00ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

මේ අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා සහ කොළඹ විශ්වද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා සහභාගි වේ.

මහාචාර්ය සමන්ත සමරකෝන් මහතා බොරැල්ලේ පිහිටි ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ පස් වන මහලේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස වර්තමානයේ කටයුතු කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment