වැඩි කළ වැටුප මේ මාසයේ මහ බැංකුවට

704

පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මහ බැංකුවේ වැටුප් සංශෝධනය ගැන ඉදිරිපත් කළ සියලුම නිර්දේශ මහ බැංකුව විසින් පිළිගන්නා බව දැනුම් දී ඇතැයි රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ අනුව මහ බැංකුවේ එම වැටුප් සංශෝධනය ගැන සමාලෝචනය කිරීමට වහාම කමිටුවක් පත් කිරීමට නියමිත අතර එය ලබන මාසයේ සිට එම වැටුප් වැඩි කිරීම කල්තබන තෙක් පත් කෙරෙනු ඇත.

මේ වැටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් සහතික කිරීම සඳහා අදාළ කමිටු වාර්තාව සඳහා සති 4ක කාලරාමුවකට එකඟවූ බවත් මහ බැංකු පනතේ සංශෝධනයකින් තොරව මේ ගැන සම්මුතියකට පැමිණීමට හැකිවීම ගැන සතුටු වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

මේ අනුව අදාළ වැඩි කළ වැටුප් මේ මාසයේදී ගෙවීමට නියමිත අතර ලබන මාසයේ සිට විසඳුමක් ඇති කර ගන්නා තෙක් පැරණි වැටුප ලැබෙනු ඇත.

පාර්ලිමේන්තුවට වගවීම යටතේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ නිර්දේශ පිළිගැනීමට මහ බැංකුව එකඟවූ බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment