ජොනතන් අලස් (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී HNB) / සන්ජේ විජේමාන්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහය HNB)

පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) 14 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත්, ඉතා වැදගත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි- ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “පරම්පරා ගණනාවක් පුරාවට HNB සියලු‍ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ප්‍රගතියේ සහකරුවෙකු වීම සඳහා වන අපගේ කැපවීමෙහි නොවෙනස්ව සිටිනවා. වසර ගණනාවක් පුරා, අපි අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ තෘප්තියට ප්‍රමුඛත්වය දෙන ව්‍යාපාරික ආකෘතියකට නවතම තාක්‍ෂණය සහ ගෝලීය ප්‍රමිතීන් ඇතුලත් කරමින් ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. පාරිභෝගික සේවා බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස වසර 14 ක් පුරාවට ස්ථාවරය පවත්වා ගෙන යාම අපගේ උපාය මාර්ගයේ සාර්ථකත්වය යළි යළිත් තහවුරු කරන අතර අනාගතයේදී මීටත් වඩා ඉහළ ජයග්‍රහණ කරා යාමට එය අපව දිරිගන්වනවා”‍ යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment