LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ ප්‍රධාන අලෙවි සන්නිවේදන නිලධාරී සුසාන් බණ්ඩාර මහතා LOLC අලෙවි සන්නිවේදන කණ්ඩායම සමඟ සම්මානය පිළිගනිමින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික මූල්‍ය සේවා සමූහ ව්‍යාපාරය වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, කීර්තිමත් SLIM-Kantar 2024 ජනතා සම්මාන ප්‍රදානයේදී ”‍වසරේ ජනතා මුල්‍ය සේවා සන්නාමය”‍ යන ගෞරවනීය සම්මානය හිමිකරගැනීමේ අභිමානවත් ජයග්‍රහණය සාඩම්බරයෙන් නිවේදනය කරයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය, ශ්‍රී ලංකාව පුරා ජීවිත ගොඩනැංවීම උදෙසා සිය දැඩි කැපවීම සහ ආධිපත්‍යය යළි ප්‍රතිරාව නංවමින් ජාතියේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉහළම තේරීම ලෙස LOLC, අඛණ්ඩ හත්වන වසරටද ලද උත්කෘෂ්ඨ පිළිගැනීම සනිටුහන් කරයි.

ප්‍රජා යහපැවැත්ම මුල්තැනෙහි ලා සලකන LOLC ඔවුන් සේවා සලසන ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අනවරත විශ්වාසය මෙම ඇගයීම මගින් අවධාරණය කරයි. LOLC අඛණ්ඩ හත්වැනි වරටත් SLIM-Kantar ජනතා සම්මානය ජයග්‍රහණය කිරීම, අගනා පාර්ශවකරුවන්, ගනුදෙනුකරුවන් සහ පොදුවේ ශ්‍රී ලාංකික මහජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ඉහළ බලාපොරොත්තුව පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.

මෙහිදී සිය කෘතඥතාව පළකරමින් අදහස් දක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා; “ජනතාවගේ තේරීමට ගරු බුහුමන් දැක්වීම උදෙසා කැපවූ දිවයිනේ එකම සම්මාන ප්‍රදානයේදී මෙම කීර්තිමත් සම්මානය නැවත වරක් ජයග්‍රහණය කිරීමේ ගෞරවය LOLC නිහතමානීව පිළිගන්නෙමු. LOLC වසරින් වසර ජනතා කැමැත්ත ඉහලින්ම පලවන විශ්වසනීය සන්නාමය බව සැමවිට ලැයිස්තුවේ මුල් පෙළ රැඳී සිටීමෙන් පැහැදිලි වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment