මහජන බැංකුවේ CRM යන්ත්‍ර රක්වාන ශාඛා පරිශ්‍රයට සහ සෙවණගල සිනි කර්මාන්ත ශාලාවට

31

මහජන බැංකුවේ CRM (Cash Recycle Machine) යන්ත්‍ර දෙකක් රක්වාන ශාඛා පරිශ්‍රයේදි හා සෙවණගල ලංකා සීනි කර්මාන්තශාලා පරිශ්‍රයේ විවෘත කිරිම පසුගියදා සිදුකෙරිණි

මෙම CRM යන්ත්‍ර තුළින් මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ. මේ අවස්ථාවට ලංකා සීනි කම්හලේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ගාමිණි රාසපුත්‍ර මහතා ඇතු`ඵ නිලධාරින්, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි(ශාඛා කළමනාකරණ) ඊ.ඒ.පි. සිසිර කුමාර, ප්‍රාදේශීය කළමනාකාර උපාලි හේරත්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන් වන චින්තක ප්‍රනාන්දු හා ශිලා ගුණවර්ධන, රක්වාන ශාඛා කළමනාකාර පි.ඩි.එස්.කේ. පතිරණ, ඇඹිලිපිටිය ශාඛා කළමනාකාර ආර්.ටි. නිශාන්ත යන මහත්ම මහත්මින් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747 කින් සමන්විත, රුපියල් ට්‍රිලියන තුනකට අධික ඒකාබද්ධ වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment