මහජන බැංකුවේ කොළඹ පිටත II ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ

34

මහජන බැංකුවේ 25වැනි ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය ලෙස කොළඹ පිටත II ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පෙරේරා, කොළඹ පිටත II ප්‍රාදේශීය කළමනාකාර එස්.එල්.එම්.ඒ.එස්. සමරතුංග, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගේ, කොළඹ පිටත I ප්‍රාදේශීය කළමනාකාරිනි නාලිකා ලියනගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියන්, ශාඛා කළමනාකාර කළමනාකාරවරියන් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ශාඛා 25කින් සහ සේවා මධ්‍යස්ථාන 43කින් සමන්විතව තිබූ කොළඹ පිටත ප්‍රාදේශිකයේ මෙහෙයුම් කටයුතු වඩාත් සුමට කිරීමේ අරමුණින් කොළඹ පිටත I සහ කොළඹ පිටත II ලෙස ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල දෙකක් වෙන් වෙන්ව ස්ථාපිත කෙරිණි. ඒ අනුව අභිනවයෙන් ස්ථාපිත කළ කොළඹ පිටත II ප්‍රාදේශිකය ශාඛා 14කින් සහ සේවා මධ්‍යස්ථාන 20කින් සමන්විත වේ.

මහජන බැංකුවේ පරිපාලන කටයුතු පහසු කිරීමේ අරමුණින් 1973 දි ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල හඳුන්වා දුන් අතර, මේ වන විට බැංකුවේ මු`ඵ ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල සංඛ්‍යාව 25කි.

advertistmentadvertistment
advertistmentadvertistment