SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන තාක්ෂණික විසඳුම්

130

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL” One Galle Face සහ One Galle Face Tower වෙත අති-නවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග‍්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය. SLT-MOBITEL වෙනුවෙන් SLT ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා සහ, ෂැංග‍්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ෂැංග‍්‍රි-ලා සමූහයේ උප සභාපති (මෙහෙයුම්) ටිමති රයිට් මහතා මෙම ගිවිසුම අත්සන් කළහ. මීට අමතරව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 මෙම ගිවිසුම යටතේ One Galle Face ඒකක සහ One Galle Face Tower හි සියලූම ඒකක වෙත SLT-MOBITEL Fibre තාක්ෂණය හරහා අධිවේගී සම්බන්ධතාවන් ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. එම සේවාවන් භාවිතා කරන්නන්ට 100 ඵඉචි දක්වා වන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමට අවස්ථාව හිමි වේ.

 SLT අලෙවි නිලධාරිනී කසුනි දිල්හාරා මිය, SLT කළමනාකරු කැලූම් ප‍්‍රියන්ත මහතා, ෂැංග‍්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සාමාගමේ ප‍්‍රාදේශීය මූල්‍ය අධ්‍යක්ෂ එම්. ජී. රවීන්ද්‍ර මහතා, ශ‍්‍රී ලංකාවේ ෂැංග‍්‍රි-ලා සමූහයේ උප සභාපති (මෙහෙයුම්) ටිමති රයිට් මහතා, SLT ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා, SLT ප‍්‍රධාන විකුණුම් හා ප‍්‍රාදේශීය නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ SLT සාමාන්‍යාධිකාරී චේතන අත්තනායක මහතා ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment