“දැන් ඔක්කොම CIM එක්කම”

එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම ඩිජිටල් මූල්‍ය සේවාවන් හී නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 අප්‍රේල් 4 වන දින යාවත්කාලීන කළ නව LB CIM යෙදවුම එළිදැක්වීය. නවීන මූල්‍ය අවශ්‍යතා සඳහාම වැඩිදියුණු කරන ලද මෙම යෙදවුමට වඩා ආරක්ෂාකාරී හා පහසු මූල්‍ය සේවා ලබාගැනීමට නව්‍යතා රැසක් එක් කර ඇත. එහිදී පරිශීලකයන්ට ආරක්ෂාකාරීව ප්‍රවේශ විය හැකි ලෙස ජෛවමිතික සත්‍යාපනයන් එක් කර ඇති අතර ඔබේ ඇඟිලි සලකුණ හෝ Face ID භාවිත කර පහසුවෙන් යෙදවුමට ඇතුළු විය හැක.

වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සමඟින් නවීකරණය කළ පරිශීලක අතුරු මුහුණත ඉතා පහසුවෙන් ක්‍රියාකිරීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇති නිසා වඩා සුමට අත්දැකීමක් මෙමඟින් ලබාගත හැක. මෙම සරල නිර්මාණ සැලසුම නිසා ඕනෑම මට්ටමක තාක්ෂණික ප්‍රවීණත්වය ඇති පරිශීලකයන්ට දැනට පවතින තම මූල්‍ය ගනුදෙනු ද පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ අවස්තාව ඇත.

ආරක්ෂාව හා භාවිත කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව යාවත්කාලීන කළ CIM app මඟින් ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා ගත හැකි සේවා පරාසය ද පුළුල් කර ඇත. පරිශීලකයින්ට දැන් ඩිජිටල් ලෙස ස්ථාවර තැන්පතු විවෘත කළ හැකිය. එමෙන්ම එල් බී මූල්‍ය පහසුකම් වන ලීසිං, ණය හා රන් ණය ගනුදෙනු කළමනාකරණය කරගැනීම මෙන්ම පෙර සැලසුම් කළ ගෙවීම් ද පහසුවෙන් සිදු කළ හැක. ඕනෑම බැංකු ගිණුමකට මුදල් යැවීම, ඕනෑම බැංකු ගිණුමකින් මුදල් ගෙන්වා ගැනීම, ඔබේ ඕනෑම බැංකු
ගිණුමකින් CIM app එක Top up කිරීම හා CIM ගිණුම්හිමියෙකුට ජංගම දුරකතන අංකය භාවිත කර මුදල් යැවීමටත් ගෙන්වා ගැනීමටත්ද පහසුකම් සපයා ඇත.

තවද CIM යෙදවුම අමතර සේවා රැසක් සඳහා සහය දක්වයි. ණය ආපසු ගෙවීම්, සියලු බිල්පත් ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ් පියවීම්, සහ තවත් සේවාවන් LB CIM App මඟින් ලබාගත හැකියි. මීට අති නවීන තාක්ෂණය කර ඇති නිසා ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂම සිදු කරගත හැකි වීම, පාරිභෝගිකයින්ගේ මානසික නිදහසට ද හේතු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment