දක්ෂිණ මාර්ගයේ දී වෑන් රථයක් ගිනිගෙන විනාශවෙයි

150

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසල දී හදිසියේ ගිනි ගැනීමට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

ඒ සමගම රියැදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් දුමාරයක් හටගෙන එකවරම ගින්න හටගත් බව රියැදුරු පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන් වෙයි.

ගින්න හට ගන්නා අවස්ථාවේදී වෑන් රථයේ සිට ඇත්තේ රියැදුරු පමණක් බවත් කලබල වූ ඔහු වෑන් රථයෙන් බිමට පනින අවස්ථාවේදී සාක්කුවේ තිබූ තිබූ මුදල් පසුම්බියද වෑන් රථය තුළ වැටීමෙන් ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු යොදා තිබිණි. ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදී කඩුවෙල දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ වාහනවලට තරමක බාධාවක් ද ඇති වී තිබිණි. විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment