හයිලන්ඞ් කිරිපිටි ගන්න නුවරඑළියේ දිගු පෝලිම්

216

අඹේවෙල හයිලන්ඞ් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඞ් කිරි පැකට් මිලදී ගැනීමට නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (11 දා) දින නුවරඑළිය ප‍්‍රදේශවාසීන් දිගු පෝලිම්වල රැුඳී සිටින ආකාරයක් දක්නට ලැබුණි.

නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඞ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවි සැලෙන් කිරිපිටි පැකට් එකක් මිලදී ගැනීමට මෙසේ ප‍්‍රදේශවාසින් දිගු පෝලිම්වල රැුඳීසිටිනු දක්නට ලැබිණි. වෙළෙඳ පොළේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දී ගැනීමට නොමැති නිසා මෙම හයිලන්ඞ් අලෙවි සැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දී ගැනීමට තමන් උදැසන සිටි පෝලිමේ සිටින බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

නුවරඑලිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment