පහන්තුඩාව ඇල්ල අසල සිට අසභ්‍ය දර්ශන මුදා හැරි දෙදෙනාට දඩ හා සිර දඩුවම්

897

බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ල අසල සිට අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාව මත ඇප මත මුදා හැර සිටි ඡායාරූප ශිල්පියා හා කාන්තාවට රුපියල් 10800.00 ක දඩ මුදලක් සහ මාස තුන බැගින් සිර ද`ඩුවම් ද නියම විය. බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා මෙම නියෝගය කරමින් මොවුන්ගේ සිර ද`ඩුවම වසරකට අත්හිටුවන බව ද නියෝග කළේය.

පහන්තුඩාව ඇල්ල අසල සිට අසභ්‍ය දර්ශන මුදා හැරි දෙදෙනාට දඩ හා සිර දඩුවම්



මේ හැර මොවුන් සතුව තිබී අධිකරණය භාරයට ගනු ලැබූ කැමරා සහ අදාළ උපකරණවල ඇතුළත් වීඩියෝ දර්ශන ඉවත් කර මොවුන් හට එම උපකරණ භාර දීමට මේ මස 08 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට කටයුතු කරන ලෙස පොලිසියට නියම කළේය.

බළන්ගොඩ එන්.එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment