ගණේමුල්ල සංජීවට හා කුඩු සලිඳුටත් පොලිස් නිලධාරීන් කඩේ ගිහින්

602

වත්කම් සොයන්න විමර්ශනයක්

පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගණේමුල්ලේ සංජීව සහ කුඩු සලිඳු සමග සමීප සබඳතා පවත්වමින් කෝටි ගණනින් මුදල් ඉපයූ පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිවත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම පොලිස් නිලධාරීන් කුඩු සලිඳු සහ ගණේමුල්ලේ සංජීව සමග පැවැත්වූ දුරකථන සංවාද, ඒවාට අදාළ හඬපට පවා මේ වනවිට ලැබී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

බස්නාහිර සහ දකුණු පළාතේ නිලධාරීන් පිරිසක් මෙම සබඳතා පවත්වා ඇති අතර ඉදිරියේදී එම නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටියි.

මෙම පාතාල නායකයන් සමග සබඳතා පැවැත්වූ බවට හඳුනාගෙන සිටින නිලධාරීන්ගේ වත්කම් පවා සෙවීමට විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment