ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103ක් මරුට

133

ඉරානයේ මිය ගිය හිටපු ප්‍රධාන පෙළේ හමුදා ජෙනරාල්වරයකුගේ හතර වැනි ගුණානුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබූ කර් මන් නගරයේ පෙරේදා (03) සිදු වූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයන් 103 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 211 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කර් මන් නගරයේ සුසාන භූමියක පැවැත්වෙමින් තිබූ 2020 වසරේ මිය ගොස් ඇති ඉරානයේ හිටපු ප්‍රධාන පෙළේ හමුදා ජෙනරාල්වරයකු වූ කාසිම් සුලෙයිමාන්ගේ සිවුවැනි ගුණානුස්මරණයට සහභාගී වූ පිරිස් ගමන් ගත් මාර්ගයේ තැන්පත් කර තිබූ ඇසුරුම් දෙකක තිබූ බෝම්බ දෙකක් පිරිසක් විසින් පුපුරුවා හැරීම හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව තිබේ. මෙම බෝම්බ පිපිරීම්වල වගකීම ඊයේ (04) වන විටද කිසිවකු විසින් භාරගෙන නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment