ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙන්න IMF සියලු ණය හිමියන්ගෙන් ඉල්ලයි

147

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් විසින් ලබාදෙන ලද මූල්‍ය සහතිකවලට අනුකූලව සුදුසු ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා එකඟ වන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළව එහි දෙවන ණය වාරිකය ලබාදීම සඳහා එම අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව ලැබී තිබේ. මේ බව පෙරේදා (20දා) මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත් දෙවන ණය වාරිකය මෙරටට මුදාහැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි දූත මණ්ඩලය විසින් සිදුකරන ලද පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබිය යුතුවේ.

ඒ සඳහා මෙම ණය වැඩසටහනට අදාළ සියලුම පූර්ව ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍යකරන සහතික සමාලෝචනයන් අවසන් කිරීම යන ප්‍රධාන කරුණු දෙක ඉටුකරගත යුතුව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (20 දා) නිකුත් කළ නවතම ප්‍රකාශයේ දැක්වේ.

මේ අනුව අප විසින් අපගේ ණය වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අපගේ නිල ණය හිමියන් සමග සුදුසු ණය ප්‍රතිව්‍යුහගතකරණයකට එකඟතාවක් ඇතිකර ගැනීම ශ්‍රී ලංකා බලධාරීන් සපුරාගත යුතු මීළඟ තීරණාත්මක පියවරක් බවද එහි තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment