නුවරඑළියේ තට්ටු හතරට වඩා බැරි වෙයි

124

නාගරික සංවර්ධන අධිකාරි පනතේ රෙගුලාසි ප්‍රකාරව එළැඹෙන මැයි මස 01 වැනිදා සිට නුවරඑළිය ප්‍රදේශයේ මහල් හතරකට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

නුවරඑළිය ප්‍රදේශයේ නව ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය නියාමනයන් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමටද නියමිතය. අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ වෙමින් එමඟින් සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් එල්ලවන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබීම හමුවේ රජය මෙම තීරණය ගෙන ඇත. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැළැස්මක් සකස් කිරීමටද තීරණය වී තිබෙන අතර ඒ අනුව සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ අදාළ සංචාරක සංවර්ධන සැළැස්ම සකස් කෙරෙනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment