තලතාගෙන් හිස්වූ පුටුවට ජී. එල්. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට

108

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ඊයේ (25දා) නිවේදනය කරනු ලැබීය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය එම කාරක සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ජී. එල්. පීරිස් මහතා පත් කළ බවද හෙතෙම සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායක නිවේදන යටතේ අජිත් රාජපක්ෂ මහතා මේ බව නිවේදනය කර සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment