අලුත් ව්‍යවසායකයන් ලක්ෂ දහයක් බිහිකරනවා

65

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  දැදිගම ජන පවුර අමතමින් කියයි

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බැවින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 10දා දැදිගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒමහතා රට බංකොලොත් වී කඩා වැටී ඇති මොහොතක ජනතාවගේ ජීවනෝපායන් විනාශ වී ඇති මොහොතක නිවසට එන මුදල් කප්පාදු වී ඇති මොහොතක ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමේ හොඳම වැඩපිළිවෙළ විමසා සිටින බවත් ඒ සඳහා යොදා ගත හැක්කේ ගෘහයේ සිටින කාන්තාව ගෘහයේ සිටින දූදරුවන්ගේ රැකවරණයට ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට සුදුසු පුහුණුවක් හා දැනුමක් ලබාදීම තුළ කාන්තාවන් ආදායම් උත්පාදනය කිරීමේ නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයට දායක කර ගත හැකි බවත් පැවසීය.

සෑම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයක් කේන්ද්‍ර කර ගෙන කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කර ගෘහනියට අවශ්‍ය දැනුම, තාක්ෂණය ලබා දී ගෘහයේ ආර්ථිකය වැඩි දියුණු කර රටේ ආර්ථිකය සඳහා කාන්තාවගේ දායකත්වය ප්‍රවර්ධනය කිරීමටත් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ඒ තුළින් 33%ක් වූ ශ්‍රම බලකායේ දායකත්වය 45%කට වඩා වැඩි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රටක් දියුණු වෙනවා නම් ශ්‍රම බලකාය සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ බැවින් කාන්තාව දැනුමින් කුසලතාවෙන් සවිබල

ගන්වා ඔවුන් ආර්ථික වර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

නායකයෝ කියන සමහර අයගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හාපෞද්ගලික විශ්වවිද්‍යාලවලට බවත් ඔවුන්ගේ දරුවන් එසේ ගියත් රටේ ලක්ෂ 42ක් පාසල් දූදරුවන් යන්නේ රජයේ පාසල්වලට බවත් මෙම ලක්ෂ 42 දූදරුවන් නව තාක්ෂණයෙන් ඉගෙන ගන්නවාට සමහර නායකයෝ ඊර්ෂයා කරන නිසා සජිත් දන්නේ බෙදන්න විතරයි යැයි චෝදනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් රැසක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගනිමින් එක්වීමද දැකිය හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment