සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යෑමට බාධා කරන සෞඛ්‍ය පරිපාලනයට විරෝධය පළ කරමින් දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී අද (12දා) දහවල් 12.00 සිට 2.00 දක්වා විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වයත් සිය වගකීම පැහැර හැර ඇති බවත්, නිසි මැදිහත්වීම් සිදු නොකර නිසි පරිපාලන තීරණ ගැනීම ද, පැහැර හැර ඇති බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (11දා) පැවසීය.
කොළඹ, මහනුවර ජාතික රෝහල්, කළුතර, කරාපිටිය, අනුරාධපුර, අම්පාර, රත්නපුර, පොලොන්නරුව යන ශික්‍ෂණ රෝහල්, දෙහිඅත්තකණ්ඩිය, කන්තලේ, ඇඹිලිපිටිය මූලික රෝහල් සහ නුවරඑළිය, මොනරාගල, බදුල්ල මහ රෝහල් ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ක්‍රියාත්මක කෙරේ.
සුජීව තත්සර