සෞඛ්‍ය සේවකයන් 3000කට කොවිඞ්

506

වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු තුන්දහසකට අධික සෞඛය සේවකයන් පිරිසක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.

 වෛද්‍යවරරුන් 209 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් තුන් දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග කියා සිටියි.

 මේ වනවිට රජයේ රෝහල්වල රාජකාරි කරන හෙද හෙදියන් දහසකට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වී රෝගී තත්ත්වයට පත්ව සිටින අතර ඉන් තුන්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 හෙද නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී හෙද හෙදියන්ට කොරෝනා ආසාදනය වීමේ තත්ත්වය බෙහෙවින් ඉහළ යා හැකි බවයි.

 එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 31 දෙනකු මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.

 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගී වී ඇති සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සුළු සේවක ගණන 1500 කට අධික බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment