කාබුල් ගුවන්තොටුපළේ කලහයෙන් මිය ගිය ගණන 12ක් දක්වා ඉහළට

512

තලිබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු රටින් පලා යාම සඳහා ඉකුත් ඉරිදා දිනයේ කාබුල් අගනුවර පිහිටි ගුවන්තොටුපොළ වෙත පැමිණි දහස් ගණනක් වූ ඇෆ්ගන් ජාතිකයන් අතර ඇති වූ වියවුල්කාරී තත්ත්වය හේතුවෙන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

 දහස් ගණනක් වූ ඇෆ්ගන් ජාතිකයන් රටින් පිට වීම සඳහා කාබුල් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ හටගත් තදබදය හේතුවෙන් අන්තවාදීන් විසින් තැබූ වෙඩි තැබීමකින් අදාළ පිරිස මිය ගොස් ඇත. ඇෆ්ගනිස්ථානයේ අනපේක්ෂිත ලෙස හටගත් බල පෙරළියත් සමගම රටින් පිටව යාම සඳහා තවමත් ඇෆ්ගන් ජාතිකයන් හා ඇමරිකානුවන් ඇතුළු විදෙස් ජාතිකයන් දහස් ගණනක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

 මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකන් හමුදා භටයන් එරට රැුඳී සිටින සියලූ ඇමරිකානුවන් සිය රටට පිටත් කර යවන තෙක් එහි රැුඳී සිටින බවයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් ඇමරිකානු හමුදාවන්ට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම සඳහා ලබා දී තිබූ අවසන් දිනය වන අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ වනු ඇතැයි එංගලන්තය පවසයි. ඇෆ්ගන් රජයට අවි අලෙවි කිරීම සම්පුර්ණයෙන් අත්හිටුවීමට ද ඇමරිකාව පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment