වාර විභාග වියදමත් මව්පියන් පිට

204

– ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්

වාර විභාග පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් නොකර, පාසල් මට්ටමින් දරුවන්ගෙන් මුදල් එකතු කර වාර විභාගය පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (03 දා) පැවසීය.

මේ වනවිට පාසල්වලට වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බවත්, එම විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැත්තේ දරුවන්ගෙන් මුදල් අයකර විභාගය පැවැත්වීමට අරඇඳීමක් ද යන්න විමසා සිටින බවත් ස්ටාලින් මහතා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි තුනහමාරක් වැයකර පරිගණක මිලදී ගැනීම, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 4700 ක් වැය කිරීම ඇතුළු නාස්තිකාර වියදම්

රැසක් දරා තිබියදී, වාර විභාග පැවැත්වීමට දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කළහොත් එය දරුවන්ට සිදුකරන විශාල අසාධාරණයක් බව ද ඒ මහතා කීය.

ප්‍රවාහන, පොත්පත්, පෑන් පැන්සල් ඇතුළු සියලු දේවල්වල මිල ඉහළ ගොස් ඇති වකවානුවක වාර විභාගවලට මුදල් එකතු කිරීමට උත්සාහ කරනවා නම් එම අදහස ඉවත්කර ගන්නා ලෙස ද ස්ටාලින් මහතා රජයෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment