පිළියන්දල තරුණයකුගෙන් ගෑස් කාන්දුව කලින් හඳුනාගන්න උපකරණ දෙකක්

232

ගෑස් කාන්දුව කල්තියා හඳුනාගෙන එම අවදානම එලාම් එකකින් දැනුම් දී ආරක්ෂාව තහවුරු කරන උපකරණ දෙකක් නිපදවීමට තරුණ නිර්මාණකරුවකු වන පිළියන්දල බුද්ධික පෙරේරා සමත් වී ඇත.

ගෑස් කාන්දුව හේතුවෙන් අද සමාජයේ බොහෝ දෙනාට ගෑස් සිලින්ඩර ප‍්‍රයෝජනයට ගැනීමට අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම උපකරණ දෙක නිපදවූ බව ඔහු පැවසීය.

තම නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ළිපට ආසන්නව බිත්තියේ සවි කරගත හැකි ලෙස නිපදවා තිබෙන මෙම එක් උපකරණයක් සඳහා වොල්ට් 6 විදුලි ධාරාවක් සැපයීමට අවශ්‍යය. පැය 24 පුරාම එය ක‍්‍රියාත්මකව තැබිය හැකි බව බුද්ධික කියයි. ගෑස් ළිපෙන්, රෙගියුලේටරයෙන්, බටයෙන් හෝ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වුවහොත් සෙන්සරයක් මගින් ඒ බව හඳුනාගෙන ඒ බව නිවෙස් හිමියාට නාදයකින් (එලාම් එකකින්) දැනුම් දී අනතුර දුරු කර ගැනීමට අවකාශ සලසා දීමේ හැකියාවක් මෙම උපකරණයට ඇත.

බුද්ධික මහතා ඊට නොදෙවැනි තවත් උපකරණයක් නිපදවා ඇති අතර එහි විශේෂිත ක‍්‍රියාකාරකම් කීපයක් දක්නට ලැබේ. නැවත පණ ගැන්විය හැකි බැටරියකින් ක‍්‍රියාත්මක එම උපකරණය ඕනෑම ස්ථානයකට රැුගෙන යා හැකි ලෙස නිපදවා ඇත. ෆෑන් එකක් එම උපකරණයට සවිකර ඇති අතර ඊට අමතරව වෝල්ටීයතාව දැක්වෙන පුවරුවක් ද මතුපිටින් සවි කර ඇත.

එම උපකරණයෙන් ද පෙර උපකරණයෙන් මෙන් ගෑස් කාන්දුව සුවඳ මගින් හඳුනාගෙන අවදානම් කලාපයක් බව දැනුවත් කෙරෙන බව ඔහු පවසයි.

‘‘නිවසේ කවුරුත් නොමැති අවස්ථාවලදී ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ගෑස් මුළුතැන්ගෙයි පිරී තිබී දැඩි අනතුරක් වීමේ හැකියාවක් තියෙනවා. ඒ බව නොදත් යම් අයකු පැමිණ ගිනිකූරක් දැල්වුවහොත් විශාල විනාශයක් වෙනවා’’

ඊට පිළියමක් ලෙස මෙම උපකරණය තවත් වැඩි දියුණු කරමින් මෙම උපකරණයට පෑන් එකක් සවිකර ඇති බවත් එයද ක‍්‍රියාත්මක වී එමගින් මුළුතැන්ගෙයි තිබෙන ගෑස් විසිරවීමේ හැකියාව මෙම උපකරණයට ඇති බවත් නිර්මාණ ශිල්පී බුද්ධික කීය.

බුද්ධික පෙරේරා නිර්මාණකරුවා වැඩිදුරටත් මෙසේද කීය. ‘‘මම මේක නිර්මාණය කරන්න හිතුවේ මගේ ගෙදර අයගේ ජීවිත බේරාගන්නවා වගේම මේ රටේ ඒ හැම ජීවිතයක්ම මගේ කියා හිතලයි. රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා නිර්මාණකරුවන්ට අත දීලා මේ රටේ ජනතාව බේරා ගන්න උත්සුක වෙන්න කියලා’’

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment