චීන නැව තවම දුරින්

133

චීන යුවාන් වෑන්ග් 5 නෞකාව ඊයේ (12දා) දහවල් වනවිටත් මුහුදු සැතපුම් 600 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් පවතින බව නිරීක්‍ෂණය වී ඇත.

එම නැව නවතා තැබිය හැකි දුරක නොපවතින (ගැඹුර) නිසා නැව මඳ වේගයකින් ඒ අවට ගමන් කරන බවද නිරීක්‍ෂණය වී ඇත. මෙවැනි නැවක් සාමාන්‍යයෙන් ඉන්ධන භාවිතය අවම කරමින් පැයට මුහුදු සැතපුම් 15ක පමණ වේගයකින් යාත්‍රා කරන බවත් එවැනි තත්ත්වයක් උඩ නැව හම්බන්තොට වරායට ළඟාවීමට දින දෙකක් පමණ ගතවන බවත් නිරීක්‍ෂණය වී තිබේ.

මෙම නැවට හම්බන්තොට වරායට නොපැමිණෙන ලෙස වරාය අධිකාරිය විසින්ද දැනුම් දීමක් කර තිබේ. රජය මගින්ද මෙම නැවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. නැව මෙරටට පැමිණෙනවාද නැද්ද යන්න නැවේ පාලනාධිකාරිය විසින් ප්‍රකාශ කිරීමක්ද සිදුකර නැත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment