වසර 7 ක් පදිංචිව සිටින ඉඩමට පාරක් ඉල්ලා මහින්දාගම දරු පවුලක් මාරාන්තික උපවාසයක

133

අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා – මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි

වසර හතක් තිස්සේ පදිංචිව සිටින තම ඉඩමට යන එන මාර්ගයක් හා ඉඩමට බලපත‍්‍රයක් ලබා දෙන ලෙසට මහවැලි නිලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නද ඊට මහවැලි නිලධාරීන් ක‍්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් වැලිකන්ද මහින්දාගම දරු පවුලක් වැලිකන්ද මහවැලි ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

අවුරුදු 12 ක දියණිය, අවුරුදු 7 ක පුතු සමග පියා සහ මව මෙම උපවාසය ආරම්භ කර ඇත. මාර්ගයක් නොමැතිකමින් දියණියගේ පාසල් ගමනා ගමන කටයුතු අතරමග නතර වී ඇති බවත්, මාර්ගයක් නොමැති නිසා විදුලි මනු කියවන්නා නිවසට නොයා හිතු හිතු ගණන් යොදා විදුලි බිල කිලෝමීටරයක් ඈත නිවෙසකට ලබා දීමෙන් තමන් දැඩි අසීරුවට ලක්ව සිටින බවත් උපවාසයේ නිරත සරත් රත්නායක මහතා සඳහන් කරයි. විසඳුමක් දෙන තුරු දරුවන් දෙදෙනා හා බිරිඳ සමග මාරාන්තික උපවාසය සිදු කරන බවද ඔහු කීය. අප මේ පිළිබඳ මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ඔහුට එම ඉඩම් බලපත‍්‍රය හා මාර්ගය සකසා දීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

රොෂාන් තුෂාර තෙන්නකෝන් -පොලොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment