දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාව සමග එක්වේ

198


ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
ඊට අදාළව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ඉන්දියානු අමූල් කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment