2019 ජනාධිපතිවරණයේදී සෑම පුරවැසියකුම ලක්ෂ 02 ක් අහිමි කරගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

109

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයක් ලෙස මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ 02 ක් අහිමි කර ගෙන ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒමහතා මේබව ප්‍රකාශ කර සිටියේ කලා වැව ආසන එක්සත් ජනරජ පෙරමුණු බල මණ්ඩලය අමතමින්ය. එම බල මණ්ඩලය එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

දැන් ලයිට් බිල දුප්පත් මිනිහට හතර ගුණයකින් වැඩි කරලා තියෙනවා. බිල් ගෙවාගන්න බැරිව ලක්ෂ 05කගේ ලයිට් කපලා, තව ලක්ෂ 04කගේ ලයිට් බිල බින්දුවයි. ඒ අය ගෙවල් දාලා පිටරට ගිහින්. මේක තමයි රටේ ලයිට් බිලේ කථාව. විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වෙන ආදායම් ලැබෙන්නේ නෑ. 2015 දින 100 ඇතුලේදී මමත් විදුලි බල ඇමැතිකම කළා. මටත් ඔය වගේම නිලධාරීන් ඇවිත් කිව්වා. සර් අපි කෝටි 4500 ක් පාඩුයි, ආණ්ඩුවට කියලා ගාස්තු වැඩි කරමු කියලා කිව්වා. මම ගාස්තු අඩු කරලා රුපියල් 15 කළා. අපි වෘත්තීය මට්ටමේ නායකත්වයක් දැම්මා. දින 100 ඇතුලේ අපිට පුලු‍වන් වුණා කෝටි 2000 ක ලාභයක් දෙන්න. අද පෙට්‍රල් 92 ලීටරය එන්නේ රුපියල් 215ට, කොළඹ වරායට. ඒක තමයි ඔය 380 ගානට අපිට විකුණන්නේ ඩීසල් එන්නේ ඊටත් අඩුවෙන්.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment