කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පැය දෙකකට සීමා කරයි

83

කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2 කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

මේ අනුව ඊයේ (31) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තිබුණු අතර අද (01) දිනයේ ද එසේ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට සීමා කර ඇත.

දිවයින පුරා මේ වන විට බල පැවැත්වෙන විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයන්ට හා පාර්ශ්වකරුවන්ට කොටස් වෙළෙඳපොළ ප‍්‍රවේශය සීමා වී ඇති බවත්, මේ කොටස් තැරැුව්කාර සමාගම්වලින් ලද ඉල්ලීම් සලකා බලා ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ද උපදෙස් මත අදාළ තීරණය ගෙන ඇති බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අනුව අද පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා සිදුවන අතර විවෘත වෙන්දේසිය පෙරවරු 10.30 ට සිදු වේ. දෛනික ගනුදෙනු පෙරවරු 10.30 ට ආරම්භ වී වෙළෙඳපොළ මධ්‍යහ්න 12.30 ට සමාප්ත කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment