නළු නිළි විශ්‍රාම වැටුප එක තැන පල්වෙයි

62

සිනමා නළු නිළියන් වෙනුවෙන් පිරිනමන විශ්‍රාමික දීමනාව වැඩිකරන බවට කාලාන්තරයක් තිස්සේ කතාබහක් පැතිරී තිබුණත් එය මෙතෙක් විසඳී නැතැයි එම ක්‍ෂේත්‍රයට සම්බන්ධ කලා ශිල්පියෝ පවසති.

මෙම මුදල වැඩි කරන බවට මුල් පොරොන්දුව සිදුකර ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේදීය. රටේ පැනනැගී ඇති වාතාවරණය සලකා එම විශ්‍රාම දීමනාව වැඩිකරදීම සාධාරණ බව එම කලා ශිල්පියෝ කියති.

දැනට වසර කිහිපයකට පෙර රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම විශ්‍රාමික දීමනාව මගින් ජ්‍යෙෂ්ඨ කලාකරුවකුට මාසිකව රුපියල් 5000ක දීමනාවක් හිමිවේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment