මූලධර්මවාදීන්ට හැම තැනම ගොඩනැඟිලි

335

මූලධර්මවාදීන් ආගම ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් විවිධ ගොඩනැඟිලි, ගෙවල් කුලී සහ බදු පදනම මත ලබාගෙන ඇතැයි ජාඇල මීගමුව කලාපීය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම දේව ප්‍රචාරක කටයුතු සඳහා එම දේවගැතිවරුන් (පාස්ටර්ලා) අසීමිත ලෙස මුදල් වියදම් කරන බව දැන ගැනීමට ලැබෙනබවත් හෙතෙම කීවේය.

මෙම මූලධර්මවාදී ආගමික වත්පිළිවෙත්වලට බොහෝ දේශපාලනඥයන් සහභාගිවෙන්නේ ඒ තුළින් වැඩි ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණෙන් විය හැකි යැයි ද ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා සඳහන් කළේය.

මෙම මූලධර්මවාදී සංවිධාන කොළඹ සිට යාපනය, කිළිනොච්චිය දක්වා පැතිර ගොස් තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment