ලංකා ටයිල්ස් ‘සුහුරු පංති කාමරය’ මාතර දොඩම්පහළ විද්‍යාලයට ප්‍රදානය කරයි

117

ලාංකේය ජන හදවත් හා බැඳුණු, අපේකමින් පණපෙවුණු නිමැවුම් මගින් ජාත්‍යන්තරයජයගත් ලංකාටයිල්ස් සමූහය ස්වකීය සන්නාමයට නව මුහුණුවරක් එක් කරමින්, තම මෙහෙවර වඩාත් පුළුල් පරාසයක වෙත ගෙන යමින් තිබේ. රමණීය ජීවන රටාවකට නව අරුතක් එක්කරන ලංකාටයිල්ස් සමූහය, එම නවමු වෙනස හා අනුගත වෙමින් මව් බිමේ අභාසයෙන් පණ පෙවුණු තේමාවන් හයක් ඔස්සේ ටයිල් නිර්මාණය කරමින් ටයිල් කලාවට නව මානයක් එක් කර දී ඇත.

එසේම, සද් සිතින් ඉටු කෙරෙන ඔවුන්ගේ සමාජ මෙහෙවරටද නව මානයක් එක් කරනව්‍යාපෘතියක සමාරම්භය 2023 මැයි 03 වන දා මාතරදී සිදු විය. ඒ, දේශයේ දූ පුතුන් නවලෝකය වෙත ප්‍රවිශ්ට කිරීමේ සුපහන් අරමුණ පෙරදැරිව මාතර දොඩම්පහළ විද්‍යාලය වෙත සුහුරු පන්ති කාමරයක් ඉදි කර දී ප්‍රදානය කිරීමයි. දොඩම්පහළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දැනුම හා නිපුණතා සංව3⁄4ධනය ඉහළ නැවීමේ අරමුණෙන් ඉදිකෙරුණු මෙම සුහුරු පංති කාමරය ලංකා ටයිල්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතාගේ සුරතින් සිසු අයිතියට පැවරිණි. උත්සව අවස්ථාවට සහභාගී වූ පිරිස, ලංකා ටයිල්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා සහ දොඩම්පහළ විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ලියංවැල්ල සුමනසිරි හිමියන් විසින් ආමන්ත්‍රණය කරමින් මෙම කාර්යයේ වැදගත්කම තව දුරටත් පැහැදිලි කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment