අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අයැදුම්පත් කැඳවයි

99

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු සඳහා සාමාජිකයන් පත්කිරීමට සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ඒ සඳහා වූ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව සකස් කරල සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2024 මැයි මස 27 දින හෝ එදිනට පෙර යොමුකළ යුතුය.

අදාළ අයැදුම්පත්‍රල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment