බංග්ලාදේශය හමුවේ ඇමෙරිකාවට ජය

555

බංග්ලාදේශය සහ ඇමරිකාව අතර පැවති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5 ක පරාජයක් බංග්ලාදේශයට අත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමිකර දුන් අතර එහිදී තව්හීද් හිරිදෝයි(58) හා මහ්මදුල්ලා (31) පිත්තෙන් දස්කම් දැක්වූහ.

ඒ අනුව බංග්ලදේශය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් රැස් කළ අතර ඇමරිකා කණ්ඩායම පන්දුවාර 19.3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

ඇමරිකා කණ්ඩායම වෙනුවෙන් කොරේ ඇන්ඩර්සන් (හිටපු නවසීලන්ත ක්‍රීඩක) ලකුණු 34 ක් රැස් කළ අතර හර්මීට් සිං පන්දු 13 කදී ලකුණු 33 ක් රැස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment