අයි.පී.එල්. අවසන් සටනට – කොල්කටා සුදුසුකම් ලබයි

231

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පෙරේදා (21දා) සමත් වූයේය.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8ක ජයක් අත් කර ගනිමින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලැබීය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 159ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ලෙස කොල්කටා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජය අත්කර ගැනීමට සමත් විය. හයිද්‍රාබාද් හි පැවති එම තරගයේදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලකුණු 34කට කඩුලු 3ක් දවාගත් මිචෙල් ස්ටාර්ක් තරගයේ වීරයා බවට පත්විය. ලකුණු හඹා යෑමේදී වෙන්කටේෂ් අයියර් සහ ශ්‍රෙයාස් අයියර් අර්ධ ශතක බැගින් ලබා ගත්හ. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අයි.පී.එල්. ඉතිහාසය තුළ (2012 සහ 2014) කිරුළ දිනාගැනීමට සමත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment