ජාතික රණවිරු සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

173

තිස් වසරක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ.යේ කුරිරු ත්‍රස්තවාදය නිමාකර රටට සාමය දිනාදුන් රණවිරුවන් සමරන 14 වැනි ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අද (19 දා) පස්වරු 4.00ට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනේදී උපන් බිමේ ඒකීයත්වය හා ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 28619ක ගේ වීරත්වය අගැයීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද හමුදා මූලස්ථානය හා රණවිරු සේවා අධිකාරිය එක්ව මෙය සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති මෙවර ජාතික රණවිරු සමරු දින උත්සවය සඳහා අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු ජනාධිපතිවරුන්, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා පොලිස්පතිවරයා මෙන්ම යුද්ධයේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment