ගෑස් බස්සයි

56

කිලෝ 12.5 – රු. 135කින්
කිලෝ 5 – රු. 55කින්
කිලෝ 2.3 – රු. 23කින්
ලාෆ්ස් ගෑස් මිලත් පහළට

ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට සුළු මුදලකින් අඩු කිරීමට පියවර ගත් බව එහි සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින් ද කිලෝ ග්‍රෑම් 05ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් ද කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 23කින් ද අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4115ක් ද කිලෝ ග්‍රෑම් 05ක සිලින්ඩරයක මිල රුපියල් 1652ක් ද කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 772ක් ද වේ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යෑම සහ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම සැලකිල්ලට ගෙන, මිල අඩු කිරීම සිදුකළ බවත් ඉදිරියේදීත් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමක් සිදුවුවහොත් ගෑස් මිල මැයි, ජුනි මාසවලදීත් අඩු කිරීමට අදහස් කරන බව ද පීරිස් මහතා ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද ගෑස් මිල අඩු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව කිලෝ 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4115කි. කිලෝ 5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 248කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1652කි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment