පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

155

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 13 ක් ඇති කර ඒ සියල්ල අසාර්ථක වූ පසුත් නැවත රජයේ අනුග්‍රහයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ක් ආරම්භ කිරීම, වෛද්‍ය උපාධියේ ගුණාත්මකභාවය හෑල්ලුවට ලක්කිරීමක් බවත් එය සෘජුවම මෙරට සෞඛ්‍ය පද්ධතියටම බලපෑම් ඇතිකරවන්නක් බවත් වෛද්‍යවරයා කීවේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment