ඇමැති කංචනට අස් වෙන්න කියා අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

399

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ සත්‍යග්‍රහයක් ඊයේ (21දා) පෙරවරුවේ සිට සවස හතර දක්වා කොළඹ මල් පාරේ පිහිටි එම අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ ඇමැතිවරයා හා ලේකම්වරයා ඉල්ලා අස් නොවුණහොත් ජනවාරි පහළොස් වැනිදායින් පසු අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවයි. විදුලි බල ඇමැතිවරයා හා ලේකම්වරයා දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා කරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණි. සත්‍යග්‍රහය පැවැත්වෙන විට අමාත්‍යාංශය අවට පොලිස් රැකවල්ද යොදා තිබුණි. සත්‍යග්‍රහයේ අවස්ථාවක් මෙහි දැක්වේ.

ඇමැති කංචනට අස් වෙන්න කියා අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment