ෂෙඩ්වල හිත් දිනාගන්න සිනොපෙක් 3ක් දෙන්න හදයි

3007

චීන සිනොපෙක් සමාගම යටතට පැවරීමට නියමිත පෞද්ගලික ඉන්ධනහල් එකසිය පනහෙන් ඉන්ධනහල් තිස් පහක් ගිවිසුම් ගතවීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන නිසා මාස තුනක කාලයකට සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් තුනක විශේෂ කොමිස් මුදලක් ඉන්ධනහල් හිමියන්ට ගෙවීමට එම සමාගම තීරණය කර ඇත.

මෙරට දැනට ක්‍රියාත්මක වැඩිම අලෙවිය සහිත පෞද්ගලික ඉන්ධනහල් එකසිය පනහක් චීන සිනොපෙක් සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබුණත් ඇතැම් ඉන්ධන හල් හිමිකරුවන් චීන සමාගමට ඉන්ධනහල් ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

එනිසා චීන සමාගම සමග ගිවිසුම් ගතවන ඉන්ධනහල්වලට මාස තුනක කාලයකටම සෑම ලීටරයකටම රුපියල් තුනක විශේෂ කොමිස් මුදලක් ලබා දෙන බවට ඉන්ධනහල් වෙත දැනුම් දී ඇතැයි ඉන්ධනහල් හිමියෝ කියා සිටිති.

චීන සිනොපෙක් සමාගම සකසා තිබෙන ගිවිසුමේ ඇතැම් වගන්ති ඉන්ධනහල්වලට අවාසි සහගත නිසා ගිවිසුම් වගන්ති සම්බන්ධව නීති උපදෙස් ලබාගැනීමට ඉන්ධනහල් හිමියෝ පියවර ගෙන ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment