කට ඇරිය ප්‍රබලයකු ගැන විමසුම් දැලක්

603

රජයේ ප්‍රතිපත්තිමය තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම තීරණවල උචිත අනුචිත බව පිළිබඳව ඍජු අදහස් ප්‍රකාශ කරමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි රජයේ කොමිසමක ප්‍රබලයකු සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රබලයා කොමිසමේ දැරූ තනතුරට අමතරව ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුර ඔහුගේ ව්‍යාපාරවලින් රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම ඇතුළු අනෙකුත් මුදල් අයකිරීම් නිසි ආකාරයෙන් සිදු වී ඇද්ද යන්න මේ වනවිට සොයා බලාගෙන යයි.

දැනට විදේශගතව සිටින මෙම ප්‍රබලයා දිවයිනට පැමිණි විගස මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ආරංචි මාර්ග පවසයි. දැනට ඔහු නිලතල දැරූ නිල කාමරය සීල් තබා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගස එම කාර්යාලය ද විවෘත කර ඔහු ඉදිරියේ ම පරීක්‍ෂා කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment