පුංචි ඡන්දය කැඳවන්න අගහරුවාදා සිට මැ.කො. ට බලය

197

නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන අඟහරුවාදා (20) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිවෙයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය පෙබරවාරි මස අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව පළාත් පාලන ඇමැතිවරයා විසින් තමන්ට හිමි බලතල ප්‍රකාරව තවත් වසරකින් නිල කාලය දීර්ඝ කරනු ලැබීය.

මේ අනුව පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු 20 වැනිදාට පෙර සිදු කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා කියා සිටියේය. 2022 නව ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් මස 20 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් අවතැන්වූවන්ගේ ඡන්ද නාමලේඛනය නොවැම්බර් මස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් එම තත්ත්වය ද සලකා බලා උපරිම පිරිසකට ඡන්ද ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි මැතිවරණය ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම කියා සිටියේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment