හදිසියක් නෑ: පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා නියම වෙලාවට කියනවා

68

මහ ලේකම් සාගර කාරියවසම්

සිය පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අවශ්‍ය අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දක්‍ෂ තරුණ නායකයකු වුවත් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ගෙන එන්නේ රටේ අවශ්‍යතාව අනුව බවද හෙතෙම සඳහන් කළේය.

‘පොඩි සිංහයකු’ පිළිබඳව කතා පැතිර ගියත් මේ වන විට පක්‍ෂය තුළ ජනාධිපති අපේක්‍ෂකයකු පිළිබඳව කලබලයක් නොමැති බවත් ඊට තව වසරක් සහ මාසයක් ඉතිරිව තිබෙන බැවින් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි අපේක්‍ෂකයා සිය පක්‍ෂය ඉදිරිපත් කරන බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment