වී කුණු කොල්ලයට ජාවාරම ජයටම

129

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය මේ වන තෙක් කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ නොකිරීම නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් වී කිලෝවේ මිල දවසින් දවස පහළ දමමින් තිබෙන බව පොළොන්නරුවේ ගොවීහු සහ ගොවි සංවිධාන කියා සිටිති.

නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් වශයෙන් රජය සහතික මිලක් නියමකර ඇතත් පෞද්ගලික වෙළෙඳුන් එම මිලට වී මිලදී නොගන්නා බව ගොවීහු පවසති.

වී අලෙවි මණ්ඩලයේ කිසිදු ගබඩාවක් ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මෙතෙක් විවෘත කර නොමැති බව ද ගොවීහු කීහ.

මහවැලි කලාප ඇතුළු දිස්ත්‍රික්කයේ දැනට වී අස්වනු නෙළීම සිදුකරන බොහෝ ප්‍රදේශවල ගොවීන් කියා සිටියේ මේ වන විට වී කිලෝවක මිල රුපියල් 90කට වඩා පහළ වැටී තිබෙන බවය. එමෙන්ම මෙවර වී අස්වැන්න ද සියයට 40ක් 50ක් දක්වා පහළ වැටී ඇති බව ද ඔවුහු කීහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment