හරිනිලාගේ පෙත්සම් විසිවෙයි

3956

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) ප්‍රතික්ෂේප කළේය.

අදාළ පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බවට කථානායකවරයා නිවේදනය කර ඇති බව කියමින් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් වන බවත් එබැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසත් ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් ඇතුළු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment