3 දා සිට වැසි වැඩි වෙයි 6 දාට පසු අඩුවෙයි – කාලගුණේ කියයි

85

නොවැම්බර් 03 වැනිදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය.

මෙම පවතින වැසි තත්ත්වය නොවැම්බර් 6 වැනිදා දක්වා පවතින බව ද හෙතෙම කීය. ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කුරුණෑගල දොඩන්ගස්ලන්ද ප්‍රදේශයට වන අතර, එය මිලිමීටර් 128 කි.

දිවයිනේ බොහෝ පළාත්වල අද (01 දා) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඒ මහතා කීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

එසේම නැගෙනහිර පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවන බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment