ලංකාවට ආවේණික වඳ වී ගිය කෙටල විශේෂයක් වසර 50 කට පසු හමු වෙයි

119

වඳ වී ගොස් ඇතැයි සැලකූ ශ්‍රී ලංකාවට ආවේණික කෙතල/කෙටල (Lagenandra) ශාක විශේෂයක් වසර 50කට පමණ පසු යළි සොයා ගැනීමට ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායමකට හැකි වී තිබේ.

එම කණ්ඩායමේ සාමාජික පේෂල පසන් කරුණාරත්න මහතා පවසන්නේ එම ශාකය බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝල්කාව ප්‍රදේශයෙන් හමු වූ බවය.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේෂකයකු වන පේෂල පසන් කරුණාරත්න විසින් 2022 වසරේදී කළ ගවේෂණයකදී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව තිබෙන බව බීබීසී සිංහල සේවය වාර්තා කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment