තිනියාවල හිමිගේ නඩුවට ලලිත්-කබ්රාල් ගොනු කළ විරෝධතා ගැන නියෝගය අගෝ. 21

97

තිනියාවල පාලිත හිමියන් විසින් ගොනු කරන ලද පෞද්ගලික නඩුවට එරෙහිව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් විසින් ගොනු කරන ලද මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන අගෝස්තු 21 වැනිදා නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) දින නියම කළේය.

තිනියාවල පාලිත හිමියන් විසින් තමන්ට එරෙහිව එකී පෞද්ගලික පැමිණිල්ල ගොනුකර ඇත්තේ කිසිදු සාධාරණ පදනමකින් තොරව ද්වේෂ සහගතව වන බැවින්, එම පැමිණිල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරන ලෙස, ලලිත් වීරතුංග මහතා හා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මූලික විරෝධතා මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අධිකරණය විසින් පෙර නඩු දිනයේ කරන ලද නියෝගය අනුව තිනියාවල පාලිත හයිමියෝ එම මූලික විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ඊයේ ලිඛිතව ගොනු කළහ. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ල විසින් එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති ලලිත් වීරතුංග මහතාට සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment